එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවුවහොත් රාජ්‍ය සේවකයන් ලක්ෂපතියන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (31) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
සන්ධාන මැතිවරණ ප්‍රතිපත්ති අනුව රාජ්‍ය සේවක වැටුප 112%කින් ඉහළ නැංවෙන බවත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 3000ක වැටුප් වර්ධකයක් හිමිවන බවත් ගුණවර්ධන මහතා කීවේය.
එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා කීවේ සැලසුම් සහගතව සන්ධානයේ සමගිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පිරිසක් සන්ධාන මැතිවරණ රැලිවලදී අපේක්ෂකයන්ට හූ කියන බවයි.


