‘සන්ධානය දිස්ත්‍රික්ක 14ක් ජයගන්නවා‘ - සුසිල්


එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් ජයග්‍රහණය කරමින් ආණ්ඩු බලය ලබාගන්නා බව එහි මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දින 10ක කාලය තුළ ඉදිරිපත් කරන බවත් පළමු මැතිවරණ රැළිය ජූලි 17 වැනිදා අනුරාධපුරයේදී පවත්වන බවත් ඒ මහතා කීවේය.

web