එළැඹෙන මැතිවරණරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගන්නා බවට සමීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇතැයිද එම වාර්තා රාජ්‍ය මාධ්‍යවල විකාශය නොකරන්නැයිද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන සභාපතිවරුන්ගෙන් ඉල්ලා ඇතැයි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද(30) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
‘මේ සාකච්ඡාවේදී එක්තරා මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු එසේ කරන්නට බැරි බවත්, සෑම පාර්ශවයකටම අවස්ථාව දිය යුතු බවත් ප‍්‍රකාශ කරලා තියෙනවා. එම සභාපතිවරයා ඒ සාකච්ඡා අතරමැදදි නැගිටලා ගිහිල්ලා තියෙනවා. ඔහු කොන්ද පණ තියෙන සභාපතිවරයෙක් නම් ඉල්ලා අස්වෙයි‘
එම සභාපතිවරයාට කොන්ද පණ ඇතිව වැඩ කිරීමටත් නැවත නැවත යහපාලන ආණ්ඩුවෙන් බලපෑම් පැමිණියහොත් තනතුරෙන් ඉල්ලා අස්වීමටත් ශක්තිය ලැබෙනු ඇතැයි තමා ප‍්‍රාර්ථනා කරන බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.


