‘සන්ධාන ආණ්ඩුවක් හදන්න තවම පුළුවන්‘ - දිනේෂ්


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තවමත් අවස්ථාව ඇතැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ මැතිවරණය ආසන්නයේ කළ පක්ෂ ලේකම්වරු ඉවත් කිරීම වැනි ක්‍රියාවක් තදබල පාලනයක් ගෙනගිය ජේ.ආර්.ජයවර්ධන මහතා පවා කර නොමැති බවත් සන්ධානය ඡන්දයේදී ආණ්ඩුවක් පිහිටුවීමේ දොරකඩ සිටියදී සන්ධාන සභාපති ලෙස ජනපති ගත් නීතිවිරෝධී පියවර හේතුවෙන් ජයග්‍රහණය අඩපණවූ බවද ගුණවර්ධන මහතා කීවේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා හෘද සාක්කියට අනුව කටයුතු නොකළ බවත් ඔහු හෘද සාක්කියට අනුව කටයුතු කළේ නම් මහ ලේකම් ධූරයෙන් ඉවත් විය යුතුව තිබුණේ මීට පෙර බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.

විකෘති ජාතික ලැයිස්තුවකට අත්සන් කළ සන්ධාන හිටපු මහ ලේකම් සන්ධානය විනාශ කළ බවද ඔහු එහිදී පැවසීය.

Dinesh_201826p