එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමු වී තමා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයත්වය ලබා ගත්තේයැයි පැතිරයන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි සන්ධාන අපේක්ෂක සහ දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා කියයි.
ගයන්ත කරුණාතිලක සහ තමා මිතුරන් බවත්, දෙදෙනාගේම මනාප අංකය සමාන බවත්, පසුගිය දා ඔහුගේ රැස්වීමක් ළඟින් යද්දී ඔහුට සුබ පැතූ බවත් ඔහු පවසයි.
සාලිය මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවට අපේ වෙබ් අඩවියේ පළවූයේ ප්‍රමාද දෝෂයකිනි. ඔහු එජාපයට එකතු වී නැත.සිදුවූ ප්‍රමාද දෝෂය ගැන අපි කණගාටුව පළකරන්නෙමු.


