‘සන්ධ්‍යා එක්නැලිගොඩට ඇති තර්ජන හෙළා දකිනවා‘-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය




(බිඟුන් මේනක ගමගේ) 

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවෙන් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගෙන ද්වේශසහගත ප්‍රකාශ සිදුකිරීම හා තර්ජන එල්ල වීම දැඩි සේ හෙලාදකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මෙරට ජනමාධ්‍යට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතුය යන ස්ථාවරයේ නොවෙනස්ව පෙනී සිටින මාධ්‍ය සංවිධානයක් වශයෙන් තමන් මෙම තර්ජන එම ක්‍රියාවලියට බාධාවක් හැටියට සළකන්නේ යැයි ද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිසා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එරෙහිව සිදුකරන මෙවැනි ප්‍රකාශයන්ගෙන් වැලකී මෙරට ජනමාධ්‍යයට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් නීතිය ඉටුකරගැනීමට සහාය වන්නැයි අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.