(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කර ගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
‘ලංකාවෙන් පළමුවැනියා’, ‘දෙවැනියා’ සහ ‘තෙවැනියා’ ආදි වශයෙන් සිසුන් වර්ග කිරීම යහපත් දෙයක් නොවන බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග නොපැවැත්වෙන බවද අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් කිරීමට දරුවන්ට අවස්ථාව ලබාදිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

