‘ශිෂ්‍යත්ව විභාගයට ගැටළුවක් නෑ‘


මෙවර අගෝස්තු මස 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති 5 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි එදිනට පැවැත්වෙන බව විභාග කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මහ මැතිවරණය අගෝස්තු 17 පැවැත්වීමට දින නියම කෙරුණු අතර ඒ හේතුවෙන් අගෝස්තු මාසයේ පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයේ කාල සටහන් වෙනස් කිරීමක්ද සිදු කෙරිණි.

නමුත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින බවත් නියමිත පරිදි අගෝස්තු 23 වැනිදා විභාගය පැවැත්වෙන බවත් එම කාර්යාල ආරංචි පවසයි.