හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලෝක ආහාර වැඩසටහන යටතේ තීරු බදු රහිත සුඛෝපභෝගී වාහන තෑගි කිරීමේ සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෝටර් රථ තරග සඳහා යොදාගන්නා ලද රථයක් අනතුරුට පත්වූ බවට සිදු කළ පරීක්ෂණවලදී එම මෝටර් රථය ලෝක ආහාර වැඩසටහන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය සවිය පදනමට ප්‍රදානය කළ සුඛෝපභෝගී වාහන දෙකෙන් එකක් යැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. කෙසේ නමුත් සියයට 350ක් දක්වා වූ අපනයන බද්දක් පැනැවෙන මෙම මෝටර් රථ ආනයන කිරීමේදී කිසිදු පාර්ශවයක් අදාළ බදු ගෙවා නැතැයි ද වාර්තා වේ.
2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය ව්‍යවසනයෙන් පසු නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා මෙරට ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන වාහන රැසක් ආනයන කරන ලදි.
කොළඹ පිහිටි ලෝක ආහාර වැඩසටහන කාර්යාලයය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ අතර ලෝක ආහාර වැඩසටහනේ සම්මත නීති කටයුතුවලට හා නියමිත කි්‍රයාපටිපාටියට අනුව වාහන ප්‍රදානය කළ බව බැංකොක්හි පිහිටි ලෝක ආහාර වැඩසටහනේ කලාපීය කාර්යාලය ප්‍රකාශ කර ඇත.
‘අදාළ වාහන අත්හරිනවාද යන්න හෝ තීරුබදු ගෙවීම සම්බන්ධයෙන් බැඳී සිටින්නේ ඒවා ලබන්නා පාර්ශවයයි. එසේත් නැතිනම් ශ්‍රී ලංකා රජයයි‘ ලෝක ආහාර වැඩසටහනේ ඇන්ජෙලී මෙන්ඩෝසා පවසයි.
ලෝක ආහාර වැඩසටහන වාහනවල අයිතිය කිසිදු පූර්ව අනුමැතියකින් තොරව මෙරට සිටින පුද්ගලයන්ට ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ප්‍රකාශයකු ප්‍රකාශ කර ඇත.
සුනාමි සහන කටයුතු සඳහා ආනයන කරන ලද වාහන ප්‍රධාන වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ලෝක ආහාර වැඩසටහනට දන්වා ඇත.
කොළඹදීය (ඒ.එෆ්.පී)

