‘ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන සහිතව නව අධිකරණ පිහිටුවනවා’- තලතා


(විනීතා එම් ගමගේ)


නව අධිකරණ පිහිටුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන සහිතව නව අධිකරණ පිහිටුවීම සිදුකරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 


කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව මෙම අධිකරණ ක‍්‍රියාත්මක වන බවත් ඒවා පිහිටුවීම හැර වෙනත් කිසිදු කටයුත්තකට අධිකරණ අමාත්‍යංශ මැදිහත් නොවන බවත් අමාත්‍යවරිය කීවාය. 


ක‍්‍රමවේදයන් තුනක් යටතේ මෙම අධිකරණ කි‍්‍රයාත්මක ආරම්භ වන බව පැවසූ අමාත්‍යවරිය අධිකරණ අමාත්‍යංශය විසින් අධිකරණ පිහිටුවා දුන් පසු පළමු නඩුව අසන දිනය තීරණය කිරීම හා  නඩුකාරවරු පත්කිරීම අගවිනිසුරුවරයා සිදුකරනු ඇතැයි අතුකෝරල මහත්මිය ප‍්‍රකාශ කළාය. 


එහි අසන පළමු නඩුව කුමක් ද යන්න තීරණය කරන්නේ නීතිපතිවරයා විසින් යැයි ද ඇය ප‍්‍රකාශ කළාය. 
අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (8) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.