විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූෂිත පුද්ගලයන් බව වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.
‘අපේ පක්ෂය ඇතුළෙත් ඉන්නවා ත්‍රස්තවාදියන්. ඔවුන් පක්ෂය බලයට එනවට කැමැති නෑ. හොරකම් කළ මැති ඇමැතිවරුන් පිරිසක් 19 සම්මත කරන අවස්ථාවේ විරුද්ධ වුණා. එය කඩාකප්පල් කරන්න උත්සාහ කළා. අද 20 වැනි සංශෝධනයට වෙලා තියෙන්නෙත් එයයි. පිට පක්ෂවලට වඩා ශ්‍රීලනිපයේ කොටසක් හදනවා විස්ස සම්මත වීම වැලක්වන්න. පසුගිය කාලයේ මේ මනාප ක්‍රමයත් එක්ක සූදුකාරුවන්, කැසිනෝකරුවන්, බුකිකරුවන්, එතනෝල් ව්‍යාපාරිකයන්, කසිප්පු මුදලාලිලා, හොරකම් කළ පිරිස් පාර්ලිමේන්තුවට ආවා. මේ ඕනෑම කෙනකුට මුදල් තියෙනවා නම් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. එය නතර කරන්නයි 20 ගෙන ආවේ. ‘

