ශ්‍රී.ල.නි.ප ය යනු බෝඩ් ලෑල්ලක් නොවන බවත්, පාක්ෂිකයන් නැති පක්ෂයයකින් වැඩක් නැති බවත්, මේ වන විට පක්ෂය දියවෙමින් තිබෙන බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
හිටපු ඇමැතිවරයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ හත් වැනි ගුණසමරුව වෙනුවෙන් පැවැති පිංකම් මාලාව අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එසේ කීවේය.
‘පියා (රෙජී රණතුංග මහතා) කිසිවිටකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අතහැර ගියේ නැහැ. පාක්ෂිකයන්ගේ කැමැත්ත වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියා. පක්ෂ නායකත්වයට ගම්මට්ටමේ පාක්ෂිකයන් ශක්තිමත් කිරීමේ වැඩ සටහනක් නැහැ. මෙවැනි අවස්ථාවක රෙජී රණතුංග වැනි නායකයින් පක්ෂයට හා රටට අත්‍යවශ්‍යයි. මේ නිසා තාත්තාගේ අඩිපාරේ යමින් තමන් ශ්‍රීලනිපයේ බහුතර පාක්ෂික මතය වෙනුවෙන් පෙනී සිටිනවා.එහෙම කරන්නේ පක්ෂයේ විනාශ කරන්න නොවන පාක්ෂිකයන් ආරක්ෂා කරන්නයි.‘





