‘ශ්‍රීලනිප රජය නැති කළේ මහින්දයි‘


‘මහනුවර අන්තිම රැස්වීමට එන්නැයි මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම ආරාධනා කළා. ඒත් මම ගියේ නෑ. ඔහු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් හදාගැනිමේ අවස්ථාව මඟ හැරි ගියා. එයින් මට අවාසි වුණා. නායකයන් කියන්නෙ  අනුගාමිකයන් පස්සෙ යන කෙනෙක් නෙමේ අනුගාමිකයන් මෙහෙයවන්නෙක්‘ උඩුනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය ශ්‍රිලනිප භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා පසුගියදා උඩුනුවර ඩී. බී. විජේතුංග ශාලාවේ දි පැවැති උත්සවයකදී පැවසිය.

‘අපිට අපේ රජයක් හදාගන්න බැරුව ගියා.අපි හිතුවෙ මහින්ද රාජපක්ෂ පැරදිලා මෛත්‍රිපාල ජනධිපතිට පක්ෂය භාරදුන්නයින් පස්සෙ එතුමා පක්ෂය දිනවන්න උදවු කරයි කියලා. එහෙම කළානම් මම දැනුත් හිතන්නෙ බොහොම ශක්තිමත් අපේ ආණ්ඩුවක් හදනවා. අපේ ප්‍රතිවාදින්ට මෛත්‍රි මෙහෙයවන අයට කියන්න දෙයක් නෑ. අපිට තමා එයාට කියන්න දේවල් තිබ්බේ. අපිට පුළුවන්කම තිබුණානම් තව සංවිධායකයන් තුන් දෙනෙක් හිටපු මන්ත්‍රිවරුන් තුන් දෙනකුට අපේක්ෂකත්වය නොදී ඉන්න අපට මැතිවරණය මෙහෙයවන්න තිබ්බා.‘ යැයිද දිසානායක මහතා එහිදී කීවේය.

ඉතිහාසයෙදි තමා උඩුගං බලා පිහිනා ඇති බවත් පහුගිය මැතිවරණයේදි පාක්ෂිකයො ගත්තු තීන්දුව වැරදි යැයිද ඔවුන් පක්ෂයට ඡන්දය දුන්නනම් ආණ්ඩුවක් හදාගන්නට හැකියාව තිබූ බවත් පැවසූ දිසානායක මහතා ප්‍රාදේශිය සභා ඡන්දයෙදි මහින්ද රාජපක්ෂ දේශපාලනෙන් අයින් වෙලා පක්ෂයට උදවු කළොත් ඒ ඡන්දෙදි බහුතරයක් දිනන්න හැකි බවත් සඳහන් කළේය.

sb_2015101934 sb_20151019342 vlcsnap-2015-10-18-06h59m46s127