‘ශ්‍රී ලංකාවට නොසැලෙන සහාය දෙනවා‘ - මෝදි


ඉන්දු ලංකා සබඳතාවලදී අනලස්ව සහාය දක්වන කෙනකු ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති සලකන බවත් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් ඔහුගේ දැක්ම හා කැපවීම ඉන්දියාව බෙහෙවින්ම අගයන බවත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේදී පැවසීය.

ඉදිරිගමන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ , සංහිඳියාව හා ප්‍රගතියේ වෙනසක් පතා මේ වසරේ දෙවරක් ඡන්දය පාවිච්චි කර තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට කැපවීම පිළිබඳ ඊට වඩා ශක්තිමත් ප්‍රකාශයක් තවත් නැහැ.

මේ ගමනේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඔවුන්ගේ නොසැලෙන සහාය දක්වනවා. ශ්‍රී ලංකාවේ නායකත්වය හා දේශපාලන සමගිය සමගිය සම්බන්ධයෙන් ඉතා කැපී පෙනෙන පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයේ ප්‍රඥාව හා ධෛර්යය මත ශ්‍රී ලංකාවේ සැබෑ සංහිඳියාවක් හා සංවර්ධනයක් ඇතිවී ඇතැයි මම අවංකවම විශ්වාස කරනවා. දෙමළ ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයනට සමානත්වතාවයෙන්, සාධාරණත්වයෙන්, සමගියෙන් හා ගෞරවයෙන් එක්සත්වූ ලංකාවක ජීවත්වීමේ අයිතිය එමගින් ලැබෙනවා.

අප දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා තව තවත් වැඩි දියුණු කරගත යුතුයි. වඩාත් විවෘත වූ තරගකාරී ඉන්දියා වෙළඳපොලෙන් අපේ වෙළඳ හා ආයෝජන අරමුණු ඉටුකරගන්නේ කෙසේදැයි අපි සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහභාගීවීමට කැමැති ඉන්දියා ආයෝජකයනට විශේෂයෙන් බලශක්ති හා ප්‍රවාහන අංශවල යටිතල පහසුකම් සලසා දීම ගැනත් මම ශ්‍රී ලංකාවේ සහාය පතනවා. අප දෙරටේ සියලු ජනකොටස්වලට මානුෂික හා ආර්ථික සබඳතා පූර්ණ ලෙස වර්ධනය කර ගැනීමේ ශක්තිය මම ශ්‍රී ලංකාවට ලබාදීමට කැමතියි.

සංවර්ධන සබඳතා, යටිතල පහසුකම්, දුම්රිය, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති, කෘෂිකර්මය, රැකියා ප්‍රවර්ධනය, විද්‍යා හා තාක්ෂණය, අභ්‍යවකාශ හා සිවිල් න්‍යෂ්ටික ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාවට දිගටම සහාය දීමට ඉන්දියාව කැමැති බව මම වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළා.

කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියේදී යළි හමු නොවීම ගැනත් ඉන්දියා අගමැතිවරයා සංවේදී විය. දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් හැමවිටම සංවේදී වීමේ අවශ්‍යතාවයත් අපි පිළිගන්නවා. දෙරටේ ආරක්ෂාව හා ආරක්ෂක සහයෝගීතාවය ගැන අප ඇප කැපවී වැඩ කළ යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමට අපේ සහයෝගය වේගවත් කළ යුතුයි. ආරක්ෂාව හා අප අවට මුහුදේ ආරක්ෂාව ගැන නිරන්තර සෝදිසියෙන් සිටිය යුතුයි.

ආරක්ෂක පුහුණු වැඩපිළිවෙලේ අපේ ලොකුම සහායකයා ශ්‍රී ලංකාවයි. ඒ ඒ අංශයෙන් අපේ සහයෝගීතාවය විකාශනය කරන්නෙමු. දෙරට අතර ධීවර කර්මාන්තයේ යෙදෙන අයගේ ප්‍රශ්නය විසඳා ගැනීමට ධීවර සමිතිවලටම බාරදීමට අප එකඟවුණා. මෙය බඩවියත හා සම්බන්ධ මානුෂික ප්‍රශ්නයක් ලෙසයි අපි බැලිය යුත්තේ. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ලෙස ඉන්දියා ධීවරයා දිරිමත් කර තිබෙනවා. දෙරටේ සාර්ථකත්වය, තිරසාර බව හා සංවර්ධනය සම්බන්ධයෙන් දෙරටටම සුවිසල් කාර්ය භාරයක් පවතිනවා. මේ සබඳතාවය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ හැම සාමාන්‍ය මිනිසකුගේම හදවතට දැනෙන ප්‍රශ්නයකි.