
(නිමල කොඩිතුවක්කු)
තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම්දෙයි.
ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ -ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඕස්ට්‍රේලියාවේ - සිඩ්නි යන ගමනාන්ත සඳහා මෙලෙස අඛණ්ඩව ගුවන්ගමන් ක්‍රියාත්මක කරන බව සමාගම සඳහන් කරයි.
මෙම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ පිහිටි කාර්යාල මගින් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි බවද ගුවන් සමාගම සඳහන් කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකන් වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බවද ශ්‍රී ලංකන් ගුවන්සේවය නිවේදනය කරයි.

