‘ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්මානයක්‘


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මේලනය සංවිධානය කළ ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආයතනික තොරතුරු තාක්ෂණ සම්මාන කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ආයතනය තුළ තාක්ෂණය භාවිතා කිරීම තුළින් කැපී පෙනෙන මෙහෙයුම් විශිෂ්ටත්වය, ව්‍යාපාරික ප්‍රතිලාභ, පාරිභෝගික අත්දැකීමක් සමඟ තොරතුරු තාක්ෂණය ක්‍රියාත්මක කිරීම ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය පිරිනැමීය.