(නිමල කොඩිතුවක්කු)
මාර්ග තදබදයට විසඳුම් ලබා දෙමින් ශක්තිමත් පොදු ප්රවාහන සේවයක් ක‍්‍රියාත්මක කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ ආර්ථිකය එක තැන පල් වෙන්න ප‍්‍රධානතම හේතුවක් බවට රථ වාහන තදබදය හේතුවක් වී ඇතැයිද අමාත්‍යවරයා ස`දහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භක උත්සවයට අද(22) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ කීය.
“අපේ ආණ්ඩු පහුගිය කාලයේ ප‍්‍රවාහනය ස`දහා රටේ ප‍්‍රග්ධන වියදම් වලින් 50%කට ආසන්න මුදලක් වැය කළේ පාරවල් වෙනුවෙන්. නමුත් අපිට අපේ ප‍්‍රවාහන තදබදය විසඳගන්න බැරිවුණා. අපේ රටේ ආර්ථිකය එක තැන පල් වෙන්න ප‍්‍රධානතම හේතුවක් වෙලා තියෙන්නේ ප‍්‍රවාහන තදබදයයි.
ලක්ෂ අසූවක් රථවාහන පාරේ තියෙනවා. පවුල් තියෙන්නේ ලක්ෂ පනස් පහයි. දැනටමත් කොළඹ නගරයෙන් 15%ක්ම තියෙන්නේ පාරවල්. ඒ නිසා මේ පාරවල් පලල් කරලා අධිවේගී මාර්ග හදලා මේ ප‍්‍රශ්න විස`දන්න බැහැ.
පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. අන්න ඒ නිසා තමයි අපි බස් රථ ප‍්‍රවාහනය ශක්තිමත් කරන්න, සැහැල්ලූ දුම්ර්ය පද්ධතිය ගොඩනගන්න, මගී ප‍්‍රවාහන බහුවිධ මධ්‍යස්ථානයක් ඉදිකරන්න කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම මේ බේරේ වැව අවට ප‍්‍රදේශය එදා අග‍්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් ඇති කරපු ඒ මහ නගර සැලසුමට අනුව ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය ලෙස ගොඩනගන්න අපි කටයුතු කරනවා. එහි එක් පියවරක් තමයි මේ බේරේ වැව පිළිසකර කිරීම” යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

