‘ශක්තිජනක පාන පොඩ්ඩන්ට දෙන්න එපා‘


ශක්ති ජනක පාන වර්ග දරුවන්ට දීමෙන් වළකින්නැයි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මව්පිය වැඩිහිටි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් අවුරුදු 12 ට අඩු දරුවන්ට කිසිසේත්ම ශක්ති ජනක පාන ලබා නොදෙන්නැයි ඉල්ලා සිටින බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති සාකච්ඡාවක දී සඳහන් කළේය.
ශක්ති ජනක පානවල අඩංගු කැෆේන් හා හෘද ක්‍රියාකාරිත්වය වේගවත් කරන රසායනික ළමා ජීවිත බරපතල අවදානමකට හෙළන බවද ගුණතිලක මහතා සඳහන් කළේය.