‘වෙස් මුහුණටයි කුරුඳුවලටයි නියම තැනක්‘


නගරවලට යටිතල පහසුකම් දිය යුතු බවත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමක ප්‍රසිද්ධියක් ලබන විදියට දියුණු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවකට එක්වෙමින් පැවසීය.

මේ ලෝකේ හොඳම කුරුඳු වවන්නේ බලපිටිය, ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශවල බවත් එම ප්‍රදේශ විශේෂ කලාප බවට පත් කරන බවත් කුරුඳු සඳහා ස්ථාවර මිලක් ඇති කරන බවත් අගමැතිවරයා එහිදී කීවේය.