ඩයනා උදයංගනී
වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ත්‍රස්තවාදීන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට කසිප්පු පාලනය කිරීම පහසු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (5) ඇරඹී මත්ද්‍රව්‍ය පාලනය සදහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව අමතමිනි.

