‘වෙලේ සුදා විසි කෝටියක කළු සල්ලි සුදු කරලා‘


වසර  දෙකක කුඩු  ජාවාරමෙන්  රුපියල්  කෝටි විස්සකට  අධික මුදල්  හා  දේපළ උපයා  ගත් බවට  වෙලේ  සුදාටත් , ඔහුගේ  බිරියට හා  ඥාති  සහෝදරියටත් එරෙහි මුදල්  විශුද්ධිකරණ පනත යටතේ  පවරා  ඇති  නඩුව ලබන දෙසැම්බර්  මාසයේ  සිට විභාග කිරිමට  කොළඹ  මහාධිකරණ විනිසුරු  දේවිකා  ද ලිවේරා  තෙන්නකෝන් මහත්මිය අද (27) නියෝග කළාය.

වසර  දෙකක කාලයක්  පුරා විවිධ අවස්ථාවල සිදු  කෙරුණු  බව සඳහන්  කරන ගනුදෙනු  පාදක කර  ගනිමින්  එකම චෝදනා  පත්‍රයක්  යටතේ  මෙම නඩුව පවත්වාගෙන යෑමට  හැකියාවක්  නැති  බවට  විත්තිකරුවන්  වෙනුවෙන්  පෙනී  සිටි  නිතීඥවරුන්  ඉදිරිපත්  කළ මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය නඩුව විභාගයට  ගැනීමට  තිරණය කළාය.

ලබන දෙසැම්බර්  02 වැනිදා  සිට නඩුව විභාග කිරිමට  තීරණය කළ විනිසුරුවරිය එදින අධිකරණය හමුවේ  පෙනී සිටින ලෙස පැමිණිල්ලේ  සාක්කිකරුවන්ට  සිතාසි  නිකුත් කළාය. මෙලෙස චෝදනා  ලැබ සිටින්නේ  සමන්ත කුමාර  නොහොත් වෙලේ සුදා, ඔහුගේ  බිරිඳ වන ගයානි  ප්‍රියදර්ශනි නොහොත්  සුජි හා  ඥාති සහෝදරියක වන වසන්ති  වසුන්දරා  නොහොත්  නදි  යන තිදෙනාය.