‘වෙනස රැකගැනීමේ වගකීම ලක් වැසියාගේ‘


අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී තම ඡන්දය නිවැරදිව භාවිතා කරන්නැයි කැනඩා දෙමළ කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් මෙරට දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණවලින් ජනවාරි 8 වැනිදා ජනපතිවරණය සුවිශේෂී එකක් වන බවත් විවිධ මර්දනයන් මැද ජනතාව එම මැතිවරණයට මුහුණ දුන්නත් සිදුවූ වෙනස පිළිබඳව ප්‍රශංසා කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.

එම වෙනස ආපස්සට නොහැරවීමේ වගකීම ශ්‍රී ලංකා ජනතාව සතු බවත් ඉඩම් පිළිබඳව, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳවි විසඳුමක් ලබාගැනීම යන ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් ලබාගැනීමට නොහැකි වුවත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමත් සමග එම ගැටළු විසඳීමට ප්‍රවේශයක් ලැබී ඇතැයිද එහි සඳහන් වේ.