‘වෘත්තීය සමිතිවලට යටත් නොවී ගැටලුව විසඳනවා‘


(ඩයනා උදයංගනී, ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )

ගැටලුව විසඳීමට කාලය අවශ්‍ය බව කියා තිබියදීත් අසාධාරණ ලෙස වර්ජන කරන වෘත්තීය සමිතිවලට යටත්වීමට තමා සූදානම් නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

විශ්‍රාමික සේවකයින් යොදවා හෝ පිටරටින් ගෙන්වා හෝ වර්ජනයට විසඳුම් දෙන බවද ඇමතිවරයා කීවේය.
 
ජනතාවට සිදුවන අපහසුතා වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බව කී ඇමතිවරයා වර්ජන නවතා එන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බවද සඳහන් කළේය.