‘වෘත්තීය සමිති වලට ඕනෑ විදියට හෙට පාසල් වහන්න දෙන්නේ නෑ‘




(නිමල කොඩිතුවක්කු)

ඇතැම් වෘත්තිය සමිති වලට අවශ්‍ය පරිදි හෙට දිනයේ පාසල් වසා දැමිමට ඉඩ නොදෙන බවත් කලින් යොදා ගත් පරිදි පාසල් වාර විභාග පැවැත්විමට කටයුතු කරන බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප‍්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය.

පාසල් වාර විභාග කටයුතු සහ අධ්‍යාපන කටයුතු වලට බාධා කරන්නන් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක‍්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලිමක් කරන බවත් බවත් ඔහු කියා සිටියේය.  
  
ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයන්  බළහත්කාරයෙන් පාසල් තුළට ඇතුලූ වි  පාසල් වසා දමන ලෙසට තර්ජනය කර ඇති බවට තොරතුරු තම සංගමය වෙත ලැබි ඇති බවද තලවතුගොඩ සැනෝරා හෝටලයේ අද(25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පත්බේරිය මහතා පැවසීය.

පසුගිය රාජපක්ෂ පාළන සමයේ අදුරු සෙවනැලි අධ්‍යාපන පද්ධතිය කඩාකප්පල් කිරිමේ වැඩපිළිවෙළක නිරත වි සිටින බවද ඔහු සඳහන් කළේය.

ඩොලර් වලින් යැපෙන ඊනියා වෘත්තීය සමිති වලට හා පුද්ගලයන්ට අවශය පරිදි අධ්‍යාපන පද්ධතිය කඩාකප්පල් කිරිමට ඉඩ නොදෙන බවද පත්බේරිය මහතා පැවසීය.

සුදුසුකම් නැති අයට  දේශපාලන පත්විම් හා උසස් වීම් ලබා දි ඇති බවට මේ අය නඟන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රත්ක්ෂේප කරන  බවද ඔහු කීවේය.

එම ලැයිස්තු තුළ අනිකුත් දේශපාලන පක්ෂ වල සාමාජිකයන්, වෙනත් වෘත්තීය සමිති නියෝජිතයන්  ඇතුලූ පිරිසක් සිටින බවද ප‍්‍රියන්ත පත්බේරිය මහතා එහිදි වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාව සදහා දේශපාලන පලිගැනිම් වලට ලක්වූ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලූ පිරිසක්ද එක්ව සිටියහ.