‘විස නැති කිරි වීදුරුවක් දෙන්නයි අරගල කළේ‘


ඩී.සී.ඩී හෙවත් ඩයිසයනඩයමයිඩ් කෘෂි රසායනයට විරුද්ධව අරගල කළේ රටේ දරුවන් හා මව්වරුන් වෙනුවෙන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (3) මව්කිරි දීමේ සතිය නිමිත්තෙන් මහරගම තරුණසේවා සභාවේ පැවති උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කළේය.

(ඩයිසයනඩයමයිඩ් වතුරේ දියවන සුලු ඝන ද්‍රව්‍යයක් වන ඩයිසයනඩයමයිඩ් බෙහෙත් නිෂ්පාදනයේදී ප්‍රයෝජනයට ගන්නා රසායනයකි. මෙය නවසීලන්තයේ කෘෂිකාර්මික රසායනයකි. තණකොළ වැඩීමට යොදා ගනී. පසෙහි ඇති නයිට්‍රේට් ගංඟා හා ජල මාර්ගවලට මුසුවීම අවම කිරීමට මෙම රසායනය යොදා ගැනේ. එම රසායනය යොදා වගා කළ තණකොළ කන ගවයන්ගෙන් කිරිවලට මෙම රසායනය මිශ්‍රවන බවත් එමගින් එම කිරි බොන දරුවන්ට විවිධ ගැටළු ඇතිවේ)

‘මේ ලෝකයේ තිබෙන ලොකුම වේදනාව තමයි දරුවෙක් ලැබෙන අවස්ථාවේ කාන්තාවන් විඳින විලිරුදා වේදනාව. එය විඳගෙන මවක් දරුවෙක් මේ ලෝකයට බිහි කරනවා. මවක් එය ප්‍රතික්ෂේප කළානම් මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයේ පැවැත්මක් නැහැ. අපි සියලුදෙනාම ඒ මහා වේදනාවකින් කැපවීමකින් උපන් අය තමයි. ඒ මව්වරුන්ගේ මහා වේදනාව දරණ සුළු මව පවුල් සෞඛ්‍ය සේවිකාවයි. දරුවන් හදාගැනීමට ගිලාන උපස්ථානයට කිරි අවශ්‍යව තිබෙනවා. එය ස්වභාවික සම්පතක්. අද එම ක්ෂේත්‍රය දරුණු වානිජකරණයකට ලක්වෙලා. නොයෙක් සමාගම් නිසි පෝෂණය තම කිරිවල තිබෙන බව පෙන්වීමට කටයුතු කරනවා ‘

01 02