‘විශ්වාස භංග 100කටත් රජය බය නෑ‘


අගමැතිවරයා ඇතුළු මුළු රටටම එපා යැයි කියන ආණ්ඩුව ඉක්මනින් විසුරුවා තමන්ට කැමැති පාර්ලිමේන්තුවක් පත් කර ගැනිමේ අවස්ථාව ජනතාවට ලබා දිය යුතු යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයාම ආණ්ඩුව එපා කියන අවස්ථාවක ඔහු ගෙදර යැවීමේ විශ්වාස භංග අවශ්‍ය නැතැයි කී ඇමැති ආණ්ඩුවට ඇත්තේ සුළුතරයක් වුවත් විශ්වාස භංග ඉදිරියට ගෙන යාම පිළිබඳ තීරණ ගන්නේ ආණ්ඩුව බව සඳහන් කළේය.

විශ්වාස භංග එකක් නොව සියයක් ගෙනාවත් ආණ්ඩුව බිය නැති බව ද රාජපක්ෂ මහතා කීවේය.

‘ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂයත් නැති, නාමයෝජනා ලැබේද යන්නවත් විශ්වාස නැති විපක්ෂයේ සිටින දේශපාලන අනාථයන් මෙහෙම යෝජනා ගේනවා. වර්තමානයේදී දේශප්‍රේමය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ මහාචාර්ය ජී එල් පීරිස් එදා දරුස්මාන් වාර්තාව සැකැසීම ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතාට ස්තුතිය පළ කරමින් ලියුම් ලියා තිබෙනවා.‘

IMG_3522