‘විශ්ව බලවතා‘ සියඹලා ගසට නඟී


විශ්වයම එක මොහොතකින් වෙනස් කළ හැකි යැයි කියමින් රෙදි කඩක  ලොකු අකුරින් ලියා කතරගම වල්ලි  අම්මාන් දේවාලය අසල සියඹලා ගසකට නැඟ සිටි එම් ජී ඒ රෝහිත ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා නියෝග කළේය.

ජනපති  මුණ ගස්සවන ලෙස ඉල්ලා මොහු නැඟ සිටි ගසේ උස අඩි හැත්තෑවකි.