2015 අපොස උසස් පෙළ විභාගය අද (04) උදේ ඇරැඹෙයි.
විභාගයට ආරම්භ වීමට මිනිත්තු 30කට පෙර හැඳුනුම්පත ද රැගෙන විභාග ශාලාවට පැමිණෙන්නැයි විභාග අපේක්ෂකයන්ට උපදෙස් දී ඇත.
උසස් පෙළ විභාගවලට බාධා ඇති වන පරිදි , ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරණයේ නොයෙදෙන්නැයි ඡන්ද අපේක්ෂකයනට මැතිවරණ දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

