( සුජිත් හේවාජුලිගේ)
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
එමෙන්ම ජලගැල්මෙන් විපතට පත් වුවන් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මේ අවස්ථාවේදී මුල්‍ය ප්‍රතිපාදන ප්‍රශ්නයක් කර නොගන්නා ලෙසත් ජනතාවට සියලු සහන පහසුකම් කඩිනමින් සැපයිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.