දිසා ඇමතිවරුන් 44 ක් හා ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිවරු පත් කිරීමට ආණ්ඩුව සැරසෙතියි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
වරප්‍රසාද ලබා දී අවසන් වන විට විපක්ෂය තව සිහින් වනු ඇතැයි ද වෙල්ගම මහතා විපක්ෂ නායක කරන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් බාර දෙද්දී සිටි මන්ත්‍රීවරු 55 දෙනාගෙන් දැන් ඉන්නේ ඉතා සුළු පිරිසක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන වටහා ගන්නා තරමට ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ගැන තමන් තුළ ඇති අප්‍රසාදය අවම වෙමින් පවතින බවද ඔහු කීවේය.

