විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා දැන් ජාතිවාදී ආකල්පවලින් තොර බව ඔහුගේ කතාවලින් පෙනේ යැයි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හිමියෝ ජාතික සංවාද ඇමැති මනො ගනේෂන් මහතා සමඟ අද පැවසූහ.
‘ඉස්සර ඔහුගේ කතාවලින් ජාතිවාදී හැඟීම් පෙනුණා. දැන් එහෙම නැති බවත් පෙනෙනවා. එය හොඳ ලක්ෂණයක්. උතුරේත් දකුණේත් ගම්වල මිනිසුන් අතර ජාතිවාදයක් නෑ. ජාතිවාදය පතුරන්නෝ දේශපාලනඥයෝ. ඔවුන්ගේ වාසියටයි එහෙම කරන්නේ.‘
ඇමැති පදවියේ වැඩ බාර ගැනීමෙන් පසු ගනේෂන් මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක දළදා සමිඳුන්ද වැඳ පුදා ගත්තේය.

