‘විපක්ෂ නායකකම සන්ධානයට ලැබිය යුතුයි‘ - මහින්ද


බහුතරයක් සන්ධානයේ සිටීනම් විපක්ෂ නායක ධූරය ලැබිය යුත්තේ සන්ධානයට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (3) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් සමග පැවසීය.

‘අපි ඉදිරියට බලාගෙන ඉමු‘ යැයිද තමා විපක්ෂ නායකකම බාරනොගන්නා බව මුලදීම පැවසූ බවත් එහිදී රාජපක්ෂ මහතා සඳහන් කළේය.