‘විදෙස් ශ්‍රමිකයන්ගෙන් වසරකට 600 ක් මිය යනවා’


(නිමල කොඩිතුවක්කු)
   
වසරකට විදෙස් ගතව සිටින මෙරට ශ‍්‍රමිකයන් 600කට වැඩි පිරිසක් මියයන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.


මෙම පිරිස අතර වැඩිම පිරිසක් මිය යන්නේ සෞදි ආරාබියෙන් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.


විදේශ රටවලදී විවිධ  අනතුරු වලට මුහුණ දෙන මෙම පිරිස්  වෙනුවෙන් කටයුතු  කිරිමට මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන්  බහුතරයකට නිසි දැනුමක් නොමැති බවද මේ සම්බන්ධයෙන් වන වැඩසටහනකදී ඔහු කියා සිටියේය.


ඒ අය මුහුණු දෙන ගැටලූ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරිමට කටයුතු කරන බවද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.