‘විද්‍යාත්මකව වෙනස් වු එකම අමාත්‍යංශය වනජිවීයයි’-මහින්ද



                           
(නාලක සංජීව දහනායක)


අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විද්‍යාත්මකව වෙනස්වූ එකම අමාත්‍යංශය වනජීවී අමාත්‍යංශය පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවැසීය.
     
ඒ අමාත්‍යාංශය ජීව විද්‍යාත්මකව ආකාරයට වෙනස් කර තිබෙනවා. නව අමාත්‍යවරයා එන බව ආරංචි වෙලා කැලෑවල සිටින මුවන්, ගෝන්නුන් පැන දුවන බවද කීය.
 
නාරාහේන්පිට, අභයාරාමයේ දී අද (1) පැවැති ආගමික උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නයකට උත්තර දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා