(නාලක සංජීව දහනායක)
කොටි සංවිධානය නැවැත බිහිවිය යුතු බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂවල නීතිය ක‍්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්රියාත්මක කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (04) පැවසීය.
එමෙන්ම ආණ්ඩුවේ නොවන වෙනත් පුද්ගලයකු ප‍්‍රකාශ කළේ නම් ආණ්ඩුව ඉතාම ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.
බත්තරමුල්ලල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.
මේ රටේ සැබෑවටම සංහිදියාව ඇති කළේ අපියිග එදා එල්ගටීගටීගඊ සාමාජිකයන් 12500ක් පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. අද ඔවුන් පොලීසියල සිවිල් ආරක්‍ෂක බලකායේ රැකියා කරනවා. සැබෑ සංහිඳියාව කියන්නේ ඒකයි.
නැවතත් කොටි සංවිධානය බිහිවෙන්න ඕන කියන තැන සංහිඳයාවක් නැහැ. වෙන කෙනෙක් ඔය කතාව කිව්වනම් දැනටමත් අත්අඩංගුවට අරගෙනග පක්‍ෂයේ විනය කියන්නේ එකක්. රටේ නීතිය කියන්නේ තව එකක්. පක්‍ෂයේ විනය රකින්න කළින් රටේ නීතියට ගරු කරන්න ඕනග ඒ නිසා පක්‍ෂයේ විනයට කලින් රටේ නීතිය ක්රියාත්මක කළ යුතුයි.
අද උතුරේ නීතියක් නැහැ. පොලීසියට පාරේ බැහැල යන්න බැහැ. දකුණු ඉන්දියානු චිත‍්‍රපටිවල තිබෙන ස්වරූපයට එහේ සමාජය සකස් කරගෙන යනවාග මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුවේ නායකයන්ට නොහැකි යැයිද කීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)