‘විජයකලාගේ ප්‍රකාශය පදනම් කර ඇය අමාත්‍ය ධුරයෙන් නෙරපීම ප්‍රජාතන්ත්‍ර වීරෝධියි ‘


(එෆ්.අස්ලම්) 

වනිතා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන ඇයව මන්ත්‍රීධූරයෙන් හෝ අමාත්‍යධූරයෙන් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් යැයි උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය සදහන් කළාය.

කොටි සංවිධානය සම්බන්ධයෙන් ඇය විසින් යාපනයේදී සිදුකළ ප්‍රකාශය ප්‍රායෝගිකව සිදුකරන ලද්දක් නොවන බවත් වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ කළ ප්‍රකාශයකට උදාහරණයක් වශයෙන් කොටි සංවිධානය යොදාගෙන ඇති බවත් අමාත්‍යවරිය තවදුරටත් කීවාය.

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය කොටි සංවිධානය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ගැන මාධ්‍යට   අදහස් පලකරමින් ආනන්දි ශෂිදරන් මහත්මිය  මේ බව කියා සිටියාය.

දේශපාලනයට කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ විය යුතුයි කියල කියන පාලකයින් දේශපාලනයට පැමිණි කාන්තාවන්ගේ ගමන විනාශ කරන්න උත්සහා කරනවා.මීට හොදම නිදසුන තමයි විජයකලා මහේෂ්වරන්ගේ කතාව මුල්කරගෙන දේශපාලන පක්ෂ හා නියෝජිතයින් කටයුතු කරන ආකාරය.

ජනසංහාරයක් සිදුවීම නිසයි මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව දෙමළ ජනතාව සිය ඡන්දය භාවිතා කලේ.ඒ අනුව දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් රජය යුද්ධයෙන් අගතියට පත්වුන ජනතාව වෙනුවෙන් පෙරොන්දු රැසක් ලබාදුන්නා.නමුත් මේ වනවිට මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් උතුරේ නිර්මාණය වෙලා තියෙනවා.

වැන්දඹු කාන්තාවන්,දෙමාපියන් අහිමි දරුවන්,ලිංගික අපයෝජන හා හිංසනයන්ට ලක්වූවන්,ඝාතනයට ලක්වූ දරුවන් වශයෙන් ලැයිස්තු පිරී යනවා.මේ තත්වය ගැන තමයි විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය කතා කරේ.

ඇය මේවා ඍජුවම අධීක්ෂණය කරලයි කතා කළේ.ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියන හැගීමෙනුයි ඇය ඇමතිකම බාරගත්තෙත්.නමුත් ඇය කානාතාවක් වීම නිසා ඇයට ඒ වෙනුවෙන් කටයුතු කිරීමේදී බාධා රැසක් මතුවෙන්නට ගත්තා.මේ නිසා ඇය එල්.ටී.ටී.ඊ ය උදාහරණයක් කරගනිමින් කතා කළා.මෙනිසා විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක්.