‘විජයකලාගේ ප්‍රකාශය ගැන ජනපති- අගමැති තීන්දුවක් ගනීවී’


රංජන් කස්තුරි
 
විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය කළේ වැරදි ප්‍රකාශයක්. අගමැතිතුමා ජනාධිපතිවරයා සමඟ කතාකර ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගනිවී යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.


එහිදී ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න හා ඒවාට ඇමැති රාජිත සේනාරත්න මහතා ලබාදුන් පිළිතුරු  මෙසේය.
 
ප්‍රශ්නය - රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයක් පිළිබඳව මුළු රටේ අවධානය යොමුවී තිබෙනවා ඒත් ආණ්ඩුව නිශ්ශබ්දයි.


ඇමැති රාජිත සේනාරත්න - නිශ්ශබ්ද නැහැ. ඒ ගැන සොයා බලන්න අවශ්‍ය පරීක්ෂණ කරන්න ඕනෑ. තමුන් වහන්සේලාට හදිස්සි වුණාට මේවා කරන ක්‍රමවේදයක් තිබෙනවා.