(නිමල කොඩිතුවක්කු)
උතුරු නැගෙනහිර පළාත තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය සිදු නොකළ යුතු ප‍්‍රකාශයක් බවත් එවැනි පැරණි කතා කිමෙන් දැන් ඵලක් නොවන බවත් විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ලංකාදීපයට පැවසීය.
සාමයෙන් රට තුල ජීවත් වීම දෙමල ජනතාවගේ බලාපොරොත්තුව බැවින් ඒ අනුව කටයුතු කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුලූ අය ක‍්‍රියා කළ යුතු බවද ඔහු සදහන් කලේය.
සාමය, සංහිදියාව හදන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකිරිම ඒ අයගේ වගකීම බවද විපක්ෂ නායකවරයා පැවසීය.
යාපනයේ යම් සිදුවීම් වෙනවනම් මෙවැනි ප‍්‍රකාශ සිදු නොකර ඒවා නතර කිරිමට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ඉල්ලා සිටින බවද ආර් සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසීය.