යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස 07 වැනිදායින් පසු සංචාරකයින් සඳහා වසා තැබෙන බව වනජීවී දෙපාර්තුමේන්තුව පවසයි.
සෑම වසරකම මෙම කාල සීමාව උද්‍යානය වසා තැබීම සිදුකෙරේ. උද්‍යානයේ අභ්‍යන්තර මාර්ග පද්ධති අලුත්වැඩියාව, සංචාරක බංගලා නවීකරණය මෙන්ම වන සතුන්ගේ අභිජනන ක්‍රියාවලිය සඳහා ද මෙම කාලය වෙන් වන බව සඳහන් වේ.
පසු ගිය දිනවල උද්‍යානය නැරඹීම සඳහා දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ද විශාල පිරිසක් පැමිණ තිබේ. පැවැති වියළි කාලගුණික තත්ත්වය පවා නිම කරමින් පසුගිය දා යාලට මහ වැසි ඇද හැළීමෙන් උද්‍යානයේ වැව් සහ දිය කඩිතිද පිරී පැවැතිණි.මෙම හේතුවෙන් සංචාරකයින් සඳහා වන සතුන් නැරඹීමේ හැකියාවක්ද ඇතිවිය.
සංචාරකයින් සඳහා යාල ජාතික වනෝද්‍යානය නිල වශයෙන් වසා දැමුවද විවිධ පුද්ගලයින් ඉහළින් අවසර ලබාගෙන එම කාලයේද යාලට පැමිණීම අපේක්ෂිත අරමුණු වලට බාධාවක් වන බව වනජීවී නිළධාරීහු කියති.











