‘වැරදි තැන කොඩිත් දාලා : තරුණයකුටත් ගහලා‘


ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකවරියකගේ අංකය සහ නම සහිත කොඩි අනවසරයෙන් එල්ලමින් සිටි පිරිසකට එරෙහිවූ බව කියන තරුණයකු සන්ධානයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පහර කෑමකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී පහරදීම සිදුවී ඇති බවත්, අනවසරයෙන්  සිටවූ කොඩි කණු පසුව ඉවත් කළ බවත් පොලිසිය පවසයි.