‘වැරදි ඉරියව් අස්ථි ලෙඩේට මුලයි‘


බහුතරයක් කාන්තාවන්ට ඇති අස්ථි දිරායාමේ රෝගයට හොරිවිල වෙද ගෙදරින් දේශීය ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන ඇතැයි පාරම්පරික වෙදැදුරු එස්.එම්.ශාන්ත සෙනෙවිරත්න මහතා පවසයි.

හබරණ, අනුරාධපුර මාර්ගයේ පලුගස්වැව පිහිටි හොරිවිල වෙදගෙදර බොහෝ දෙස් විදෙස් කාන්තා පිරිමි දෙපාර්ශවයම නේවාසිකව ප්‍රතිකාර ලබති.

අත් පා හිරිවැටීම, එසවීමට නොහැකිවීම ආදී අපහසුතා ස්නායූ තෙරපීමක් හේතුවෙන් වන බවත් වැරදි ඉරියව් භාවිතයෙන් එය සිදුවන බවත් ශරීරයේ තෙරපීමකට ලක්වුණු ඇතැම් ස්ථාන සන්ධිවල කැල්සියම් නිපදවීමෙන් අස්ථි දිරායාම හා කුහර සෑදීම සිදුවන බවත් වෙද මහතා පෙන්වා දෙයි.

මෙවැනි රෝගීන් දිනකට 40ක් 50ක් පමණ පැමිණෙන බවත් රක්ෂිත විනාශ කිරීම, වියළි කාලගුණය හේතුවෙන් ඖෂධ සොයාගැනිම වත්මනෙහි ගැටළුවක් වී ඇති බවත් සෙනෙවිරත්න වෙද මහතා කියයි.

‘අද හොරිවිල වෙද මැදුරු වැහි වැහැලා. මේ රෝගයට බෙහෙත් සොයාගැනීමත් එක්ක මම කියන්නේ ජනතාවට පරිස්සම් වෙන්න කියලා. රෝග විකුණාගෙන කන ජාවාරම්කරුවන්ට හසුවෙන්න එපා. හොරිවිල ලෙඩ්ඩුන්ට වඩා දැන් වෙද්දු ඉන්නවා‘ යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.

හොරිවිල වෙද මහතා සම්බන්ධ කර ගැනීමට 0777039324 දුරකථන අංකයට ඇමතිය හැකිය.

DSC04675 DSC04684 DSC04690 DSC04691 DSC04697 DSC04708