‘වැඩිම විශ්‍රාමික පිරිසක් රැකබලා ගන්නා රට ලංකාවයි‘


ලෝකයේ වැඩිපුරම රාජ්‍ය සේවකයින් පිරිසක් සහ රටේ ජනතාවට සාපේක්ෂව විශාලම හමුදාව සිටින එකම රට ශ්‍රී ලංකාව බවත් එබැවින් අති විශාල විශ්‍රාමිකයින් පිරිසක් රැක බලා ගන්නා රජය මෙරට රජය බවත් ජාතික විශ්‍රාම දිනය සැමරීමේ ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කතානායක කරු ජයසූරිය මහතා කොළඹ පදනම් ආයතනයේදී අද (8) පැවසීය.

විශ්‍රාම වැටුප් ‘ඊසිකෑෂ්‘ ක්‍රමය හරහා ලබාගත හැකි නව ක්‍රමයක්ද මෙහිදී හඳුන්වා දෙනු ලැබිණි.

නියෝජ්‍ය විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

pension_2015108 pension_2015108--2 pension_2015108--3 pension_2015108--4