රංජන් කස්තුරි
දුම්රිය සේවකයින්ගේ අසාධාරණ හා අශිලාචාර වැඩවර්ජනය නතර කරන තෙක් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මහා භාණ්ඩාගාරය සුදානම් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ දී අද (10) පැවසීය.
දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් රජයක් ලෙස ඊට මුහුණ දීමට සුදානම් යැයි ද ජනමාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මංගල සමරවීර මහතා කීවේය.
දුම්රිය මගින්ගේ අපහසුතා මග හැරවීමට පෞද්ගලික බස් රථ යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.