හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නෑයන් හා මිතුරන්ගෙන් මොහොමඩ් සියාම් ඝාතනයේ සාක්කිකරුවනට බලපෑම් එල්ලවෙතියි රහස් පොලිස් සහකාර අධිකාරි ශානි අබේසේකර මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතාට අද පැමිණිලි කළේය.
නියෝජ්‍ය පොලිස්පති වෙනුනේ පෙනී සිටී ජනාධිපතී නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගුණවර්ධන මහතා රිමාන්ඩ් භාරයේ තැබීමට එක්තරා පාර්ශවයක් කුමන්ත්‍රණය කරන බවයි.ඔහුගේ ඇප අයදුම මහාධිකරණයේ ලබන 20 වැනිදා විභාග වීමට නියමිත බවත් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ෆව්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරලගේ රජයේ සාක්කිකරුවන් වීම පුදුම සහගත බවත් ඔහු කීවේය.
නීතීඥ අජිත් පතිරණ මහතාද වර්ණකුලසුරිය මහතාගේ අදහස් අනුමත කළේය.හය වැනි සැකකරු ප්‍රියන්ත සංජීව වෙනුවෙන් පෙනී සිටි අනුර රණසිංහ මහතා පැවසුයේ රජයේ සාක්කිකරුවකු වන ලෙස කළ ඉල්ලීම සංජීව විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා පවසුයේ මුල්‍ය වාසියක් තකා සැකකරුවන්ට එරෙහිව චෝදනා නොනගන බවයි.