‘වාස් රිමාන්ඩ් කර වසර දෙකයි : ඇප ඕනෑමයි


කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා ලැබ වසර දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් අද (11) ඉල්ලා සිටියහ.

ඇප පනත අනුව පුද්ගලයකු රිමාන්ඩ් භාරයේ රඳවා ගත හැක්කේ වසර 2ක කාලයක් වන නිසා තම සේවාදායකයින් තව දුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම නීති විරෝධී බව කියමින් ඔවුන් ඇප මත මුදාහරින්නැයි ඔවුහු වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

වැඩිදුර නඩු විභාගය ලබන 15 වැනිදාට කල් තැබිණි.