සෞදි රජතුමා රිසානා නෆීක්ගේ ගෙල කපා මරද්දී ශ්‍රී ලංකාවේ රජ්ජුරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෙළ කපා නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වැළලූවේ යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කළුතරදී පැවසීය.
දෝෂාභියෝගය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් උසාවි ගොස් බොරුවට රස්තියාදුවී ආණ්ඩුව සමග සිටිනවා යැයි තමාට ද චෝදනා එල්ල කළ විපක්ෂයේ සමහරුන් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණීමෙන් පැහැදිලි වන්නේ ඒ අය මහින්ද රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුව ඉටු කළ බව යැයි කී වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව එකට ඒකරාශි කළ හැකි එකම බලවේගය එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ‘විපක්ෂ විරෝධය‘ පමණක් යැයි ද අවධාරණය කළේය.

