‘ව්‍යවස්ථා සභාව සමබර නෑ‘


ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නියෝජිතයන් ලෙස නව ව්‍යවස්ථාදායක සභාව සඳහා ඇමැතිවරුන් දෙදෙනකු (අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ හා මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක) පත් කිරීමෙන් එහි මූලික අරමුණු උල්ලංඝනය වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පක්ෂ කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ගම්මන්පිල මහතා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ මූලික අරමුණ වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ස්වාධීනත්වය ව්‍යවස්ථා සභාවේ ස්වාධීන්වය ආරක්ෂා කිරීම ඉටු නොවන බවයි.

පුංචි ඡන්දය සඳහා හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර නොගන්නා බවද හෙතෙම කීය.

ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඒ තනතුරට පත්වීම ඔහුගේ හෘද සාක්කියට එකඟදැයි තමා විමසන බවද ගම්මන්පිළ මහතා කීවේය.

webgamanpila201592859