වසරක පටන් තමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුටත් බලපෑම් , කරදර හා මැර තර්ජන ඇති බව පොලිස්පතිටත් පැමිණිලි කළැයි කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා කියයි.
‘වෙඩි තබා මරා දැමුණු හසිත මඩවල මහතා බොරු චෝදනා මත හිර කරන්නට උත්සාහ කළා.ඔහුට අත් වූ ඉරණම අපට හිමි කරන්න එපා. මේ ඝාතනය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා මට අද උදේ කිව්වා. අපි එය ඉහළින්ම පිළිගන්නවා‘

