ජනතා විමුක්ති පෙරමුණ පුළුල් බලතල සහිත නව පෙරමුණක් සකසා 2020 දී මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා අම්බලන්තොටදී ප්‍රකාශ පැවැසීය.
ඒ පිටුවන පුළුල් පෙරමුනේ නම ජනතා විමුක්ති පෙරමුණ නොවෙයි. එහි ලංඡනය ද සීනුව නොවෙයි. මේ පුළුල් පෙරමුණට මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, කලා කරුවන්, මාධ්‍යවේදීන් එකතුවෙනවා. අපි ඒ අයට අවස්ථාව ලබා දෙනවා.
දැනටමත් එම ගමනට සුභ පෙරනිමිති පහලා. රනිල් මහත්ය කියනවා ඒයා ආසන 127 ක් ගන්නවාලු. අර විධායක හිටපු ජනාධිපති මහින්ද මහත්තයා කියනවා එයා ආසන 117 ක් ගන්නවාලු. මම මේ දෙකම එකට එකතු කළ 247 ක් නේ. පාර්ලිමේනතුවෙ ඉන්නෙත් 225 යි. මම කියනවා මේ දෙගොල්ලන්ටම ආසන 100 ක්වත් එක්කෙනෙකුට ගන්න බැහැ.

