තවත් වසර 15ක් මේ රට පාලනය කරනුයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල් රජයක් විසින් බව ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්ද්‍ර මහතා කියයි.
මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරිදන බවටත්, එජාපය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බවටත් අනාවැකි කී ඒ මහතා මැතිවරණයට පෙර තමන් කී අනාවැකිය ගැන අදහස් පළකරමින් එසැණට ලිපියක් එවා තිබේ.
එම ලිපිය මෙසේය.
‘මැතිවරණයක් පිළිබඳව අනාවැකි කීම බෙහෙවින් දුෂ්කර තත්වයකි. බොහෝ විට මෙය ජ්‍යොතිර්වේදීන් කරන අවස්ථාවකදී දෝෂාරෝපණයට ලක් විමට ද සිදුවන අවස්ථා එමටය. එසේ වුවත් මැතිවරණ අනාවැකි ප්‍රකාශ කිරීම ජ්‍යොතීර්වේදීයෙකු සතු කාර්යභාරයකි. නමුත් ජ්‍යොතිර්වේදින්ගේ මෙම කටයුත්ත නිසාම පසුගිය කාලයේ ජ්‍යොතිෂයට විශාල අනර්තයක් සිදු විය. ඊට හේතුව සමහර ජ්‍යොතිෂවේදින් නොයෙක් වරදානල වරප්‍රසාද උදෙසා ශාස්ත්‍රය අලෙවි කිරීමයි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති අවස්ථාවේ සමහර ජ්‍යොතිෂවේදින් ජ්‍යොතිෂ සිද්ධාන්තවලට පටහැනිව තමාගේ පාක්ෂිකත්වය අනුව අනාවැකි පල කළහ. එයින් හානියක් සිදු වුයේ ඔවුන් අනාවැකි පල කල දේශපාලකඥයින්ට වඩා ෙමි ජ්‍යොතිෂයටය. ජ්‍යොතිෂවේදියෙකු වන මම කිසිවිටක මුදලට අලෙවි නොවන අයෙකි. එසේම බලයට නොනැමෙන අයෙකි. මා සැමවිටම ජනතාවගේ පැත්තේ සිට අනාවැකි ප්‍රකාශ කරමි.
සමහරු ජ්‍යොතිෂ අනාවැකි කීෙමිදී නොයෙක් නොයෙක් ක්‍රමවේද භාවිතා කරති. මා භාවිතා කරන ක්‍රමවේදය නම් යමිකිසි මැතිවරණයක් පවත්වන දා එම මැතිවරණය ආරම්භ වන වේලාවේ පවතින තත්කාල කේන්දරයයි. ඊට අමතරව එම මැතිවරණයට සම්බන්ධ වන ප්‍රධාන අපේකෂකයින්ගේ ජන්ම කේන්දරයද සලකා අනාවැකි පල කරයි. 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට පෙර මම ප්‍රකාශ කලේ එම මැතිවරණයෙන් මහින්ද රාජපකෂ මහතා අනිවාර්යයෙන්ම පරාජය වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ථීර වශයෙන්ම ජයග්‍රහණයක කරන බවත්ය. තවත් ජ්‍යොතිර්වේදින් අනාවැකි පල කලත්ල ඔවුන් ප්‍රකාශ කලේ මහින්ද මහතාට පරාජය වීමට යම් ඉඩක් ඇති බවයි. නමුත් මගේ මතය වුයේ ඉදුරාම මහින්ද රාජපකෂ මහතා පරාජය වන බවයි.
එසේම පසුගිය අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණය පිළිබදව මම අනාවැකියක් පල කළෙමි. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපකෂ මහතා පරාජය වන බවට අනාවැකි පල කළ ජ්‍යොතීර්වේදි ඉන්දික තොටවත්ත, පී.ඩී.ඒ පෙරේරා, විජේමුණි වැනි අයත් මෙවරද මහින්ද රාජපකෂ මහතා පරදින බවට අනාවැකි ප්‍රකාශ කළහ. මෙවර විශේෂත්වය නම් මහින්ද රාජපකෂ මහතා ජයග්‍රහණය කරන බවට අනාවැකි පල කරන පුද්ගලයින් විරල වීමය. එසේ වුවත් මමද මෙම මැතිවරණය වෙනුවෙන් මාගේ අනාවැකිය පල කල අතර මාගේ අනාවැකිය වුයේ මෙවර මහ මැතිවරණයෙන් මහින්ද රාජපකෂ මහතා පරදවා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය ලබන බවය. මා අනාවැකිය ප්‍රකාශ කළේ ලංකාදීප එසැණ හරහාය. මාධ්‍යවේදියා මගෙන් ඇසු ප්‍රශ්න කීපයකට ද මා පිළිතුරු දුන්නේය. තරගයක් පවත්වන අවස්ථාවේදි තරගය දින්නේ කවුද යන්න පිලිතුරුට වඩා එම තරගයේදී එම පිල ලබාගන්නා ලකුණු ප්‍රමාණය ගැන විශේෂයක් දක්වන්න හැකි නම් එය විශේෂත්වයකි.
මෙහිදී මාධ්‍යවේදියා මගෙන් විමසා සිටියේ එජාපය කොපමණ ආසන ගණනක් ගන්නේද යන්නයි. මා මෙහිදී ප්‍රකාශ කලේ ආසන 120 ක් ගන්නා බවය. නමුත් පැහැදිලිවම එජාපය ලබා ඇත්තේ ආසන 106 කි. නමුත් මා මෙහිදී අදහස් කලේ ලබන ආසන ගණන නොව ඔවුන් ආණ්ඩුවක් පිහිට වීෙමිදී එජාපය විසින් ගනු ලබන ආසන ගණනයි. එනම් වෙනත් පකෂයක සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිට විමට ගනු ලබන ආසන ගණනයි. කෙසේ වුවත් මාගේ ප්‍රධාන අදහස වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පකෂය ජයග්‍රහණය කරන බවය. මෙවරද මාගේ අනාවැකිය ඉතාමත් සාර්ථක විය. මැතිවරණයෙන් පසුවද බොහෝ දෙනෙකු මගෙන් විමසා සිටියේ මැතිවරණයෙන් පසුව කුමක් සිදුවේද යන්නයි. මැතිවරණයෙන් පසුව එනම් ඉදිරි වසර 2 ක පමණ කාලයේද සෙනසුරු වෘශ්චික රාශියේ ගමන් කරයි. එබැවින් ඉදිරි වසර 2 තුල බලයට පත්වන නව රජයට කිසිදු ගැටලූවක් නොමැතිව බලයට පවත්වාගෙන යෑමට හෙවත් ආණ්ඩුව කිරීමට හැකි වීමයි.
එසේම සෙනසුරු වෘශ්චික රාශියේ සිට ෙමිෂ රාශිය දක්වා එනම් තමාගේ නීච භවනය දක්වා ගමන් කරන ඉදිරි වසර 15 තුල පවතින එක්සත් ජාතික පකෂයට හා ඊට සම්බන්ධ සභාග රජයක් ලංකාව පාලනය කිරීම සිදු කරන බවය. මින් ඉදිරියට බොහෝ විට ලංකාව පාලනය කරනුයේ එවැනි සභාග රජයක් විසිනි. එසේ වුවත් පවතින මැතිවරණ ක්‍රමය ඉදිරියේදී වෙනස් වීමට ඉඩකඩ පවති. එසේ වෙනස් වුවත් ඉදිරියට තව වසර 15 ක් පමණ ෙමි රට පාලනය කරනුයේ එක්සත් ජාතික පකෂය ප්‍රමුඛ එම හවුල් රජය විසිනි. මෙහිදී ඉදිරි කාලවලදී ලංකාවේ දේශපාලන පකෂ වල මත වෙනස් වන්නේ මැතිවරණයක් ආසන්න වුවහොත් පමණි. අනිකුත් කාලවලදී බොහෝ විට පකෂ විපකෂ එක්ව රට පාලනය කරනු ඇත.
ජ්‍යොතිර්වෙිදී කේ ඒ යු සරත්චන්ද්‍ර

